hit counter

2026 ජූනි මස 20 වන සෙනසුරාදා

2026 ජූනි 20, ප.ව. 9:15



රඳවා තැබීමේ නියෝග මත සිටියදී දැනට රෝහල්ගත කර සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙයි මහතා ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙන්නේ මුඛයෙන් පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

සෙසු වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේද හරහා ආහාර ලබා ගැනීම ඔහු ප්‍රතික්ෂේප කර නොමැති බවත්, එසේ නොමැති නම් මෙතරම් කාලයක් කිසිවකුට නිරාහාරව සිටිය නොහැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, හිටපු බුද්ධි අංශ ප්‍රධානියා සිදුකරන මෙම උත්සාහය පලක් නොමැති ක්‍රියාවක් බවයි.

එබැවින් ඔහු විසින් කළ යුතුව තිබෙන්නේ අපරාධකරුවන්, ඊට සැබෑ ලෙසම සහාය දැක්වූවන් සහ අපරාධ පිළිබඳ තොරතුරු වසන් නොකර, ඒවා නීතිය හමුවේ අනාවරණය කිරීම බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: