hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2026 අගෝස්‍තු 12, ප.ව. 12:45



රජය විසින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජිත පනතට එරෙහිව ලබන සතියේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් සඳහන් කරයි.

හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් සඳහන් කළේ,

“ලබන සතියේ අපි උසාවි යනවා. අපි කිසිඳු සැකයකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණයට ඒත්තු ගන්වනවා මේ කරන්න හදන වැඩෙන් ගොඩ ගැහිලා තියෙන නඩු නීතියේ ප්‍රමාදය සම්බන්ධයෙන් කිසිඳු විසඳුමක් මේ තුළින් ලැබෙන්නේ නැහැ කියලා.

මොකුත්ම වෙන්නේ නෑ. සියයට 1යි නඩු තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ. කිසිම ප්‍රයෝජනයක් නෑ ඒ සම්බන්ධයෙන්.”

“අපි මෙරට සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් හමුවුණා. ශ්‍රී ලංකා අධිකරණය සහ මහා බ්‍රිතාන්‍ය, පොදුරාජ්‍ය මණ්ඩලය අතර ඉතාමත් දීර්ඝ සහ ගැඹුරු සම්බන්ධතාවයක් තිබුණා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: