2026 අගෝස්තු 18, පෙ.ව. 9:32
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ගේ සමීපතම ඥාතියෙකු (බාප්පා) ලෙසින් සැලකෙන 54 හැවිරිදි මොහොමඩ් අස්මින් මොහිදීන් නමැත්තා වෙඩිතබා ඝාතනය කළ සිද්ධියට කාන්තාවක් ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු පොලීසිය ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.
කොටහේන පොලිස් වසමේ මාළිගාවත්ත, ශ්‍රී සංඝරාජ මාවතේ පසුගිය අගෝස්තු 10වැනිදා දහවල් මෙම වෙඩිතැබීම සිදුවූ අතර, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දැනට ප්‍රංශයේ රැඳී සිටින ‘කුඩු අංජු’ නමැත්තා විසින් එම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලීසිය සැකපළ කරයි.
ඒ අනුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබූ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකපිට ඊයේ උදෑසන සහ දහවල් කාලයේදී මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ගෙන් සැකකරුවෙකු හා සැකකාරියක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 840 ක් සමග අත්අඩංගුවට ගෙන කොටහේන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
සැකකරු අවුරුදු 21 හා සැකකාරිය අවුරුදු 23ක් වූ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
අනෙක් සැකකරුවන් තිදෙනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 380ක් හා අපරාධය සඳහා යොදගත් බවට සැකකරන යතුරුපැදියක්ද සමග අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් අවුරුදු 19, 25 හා 28, වයස්වල පසුවන මට්ටක්කුලිය, දොම්පේ හා මුල්ලේරියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
ශ්‍රී සංඝරාජ මාවතේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක හිමිකරුවෙකු ඉලක්ක කර ගනිමින් පසුගියදා දහවල් 1.20ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබූ අතර, වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.
පොලීසිය සැකපළ කරන්නේ ‘කුඩු අංජු’ නමැත්තාගේ සමීපතමයෙකු පසුගියදා රත්මලාන ප්‍රදේශයේදී ඝාතනය කිරීමේ සිද්ධියකට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටය.
2026 අගෝස්තු 18, ප.ව. 12:54
2026 අගෝස්තු 18, ප.ව. 12:41
2026 අගෝස්තු 18, ප.ව. 12:13
2026 අගෝස්තු 18, පෙ.ව. 11:49
2026 අගෝස්තු 18, පෙ.ව. 11:34
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
15-08-26
15-08-26