2026 නොවැම්බර් 10, පෙ.ව. 12:32
ඉන්දියාවට අවශ්‍ය ආකාරයට මෙරට ඉඩම් මංකොල්ලකෑමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පවසනවා.
උන්වහන්සේ සඳහන් කළේ සිව්වනක් පිරිස අනුරාධපුරයෙන් පළවා හැර, සංචාරක කර්මාන්තය යනුවෙන් පවසා අටවාගත් ගැසට් පත්‍රයක් මුද්‍රණය කර, එම ගැසට් පත්‍රයෙන් ඉඩම් කැබලිවලට කඩා විකුණූ පසුව, මිනිස්සුන්ට නිවන් දකින්නට තිබෙන මඟ ඇහිරෙන බවයි.
අධිකරණයේ වගකීම විය යුත්තේ සංඝරත්නය ආරක්ෂා කර පෝෂණය කිරීම බව පෙන්වා දුන් කස්සප හිමියන්, මේ සම්බන්ධයෙන් ලබාදී ඇති අධිකරණ තීන්දු පිළිබඳව ගැටලු පවතින බව ද කියා සිටියා.
එමෙන්ම පොලිසිය විසින් අධිකරණයට අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති බවට ද උන්වහන්සේ චෝදනා කළා.
තමන් බුදු හිමියන් අසලින් ඉවත් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව අවධාරණය කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ තමන් වහන්සේ වැඩ සිටින්නේ පෙර රජවරුන් විසින් පූජා කරන ලද ඉඩම්වල බවයි.
2026 නොවැම්බර් 10, පෙ.ව. 12:30
2026 නොවැම්බර් 10, පෙ.ව. 12:17
2026 නොවැම්බර් 10, පෙ.ව. 12:15
2026 නොවැම්බර් 10, පෙ.ව. 12:13
2026 නොවැම්බර් 10, පෙ.ව. 12:10
08-11-26
08-11-26
07-11-26
07-11-26
06-11-26
06-11-26
03-11-26
03-11-26
28-10-26
28-10-26
27-10-26
27-10-26
26-10-26
26-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
19-10-26
19-10-26