2026 නොවැම්බර් 15, පෙ.ව. 12:29
වෙළෙඳපොළ තුළ ඉන්ධන සහ ගෑස් මිල ගණන් පාලනය කිරීම වත්මන් රජයට දැඩි අභියෝගයක් බවට පත්ව ඇත්තේ පසුගිය ආණ්ඩුව වැරදි නිසා බව මාලිමා මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසයි.
එම ආණ්ඩු බලශක්ති සහ ගෘහස්ථ ගෑස් ක්ෂේත්රවල පැවති රාජ්‍ය ඒකාධිකාරය බිඳදමමින් පෞද්ගලික සමාගම් සමඟ ඇති කරගත් නෛතික ගිවිසුම්වල පවතින ගැටලු නිසා මෙම තත්ත්වය උදා වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
අතීතයේදී ඉන්ධන සහ ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම රජය සතු සමාගම් හරහා මහජන සුබසාධනය මුල් කරගනිමින් ක්‍රියාත්මක වූවද පසුගිය පාලකයන් විසින් තරගකාරී වෙළෙඳපොළක් බිහිවීමෙන් මිල අඩු වන බවට ව්‍යාජ තර්ක සමාජගත කරමින් රාජ්‍ය සම්පත් විකිණීමට පාර කපාගත් බවටද ඔහු චෝදනා කරයි.
එම ප්රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස අද වන විට ඉන්ධන සිල්ලර වෙළෙඳපොළට ඇතුළු වූ පෞද්ගලික සමාගම්වලට තෙල් සංස්ථාවේ මිලට වඩා ඉහළ මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීමට නීතිමය ඉඩකඩ ලැබී ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ගෑස් මිල ඉහළ යාම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
2026 නොවැම්බර් 15, පෙ.ව. 12:32
2026 නොවැම්බර් 15, පෙ.ව. 12:27
2026 නොවැම්බර් 15, පෙ.ව. 12:19
2026 නොවැම්බර් 15, පෙ.ව. 12:19
2026 නොවැම්බර් 15, පෙ.ව. 12:17
15-11-26
15-11-26
12-11-26
12-11-26
11-11-26
11-11-26
08-11-26
08-11-26
06-11-26
06-11-26
04-11-26
04-11-26
03-11-26
03-11-26
30-10-26
30-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26