hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 18, ප.ව. 2:35



තිළිණි ප්‍රියමාලිගේ සැමියා ලෙස ප්‍රකට ඉසුරු බණ්ඩාර නමැත්තා සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.

ඔහු සඳහන් කළේ, තමන් තිළිණි ප්‍රියමාලිගේ සැමියා නොවන අතර ඇයගේ පෙම්වතකු පමණක් බවයි.

තිළිණි ප්‍රියමාලි ඉසුරු බණ්ඩාරට ආමන්ත්‍රණය කර ඇත්තේ ‘​අප්පච්චි’ යන නමින්.

තිළිණි විවාහක කාන්තාවක් බව තමන් දැනගත්තේ මේ වසරේ ජුනි – ජූලි අතර කාලයේදී බවද ඉසුරු බණ්ඩාර සඳහන් කර තිබුණා.

කෙසේවෙතත්, අරගලය පැවති පසුගිය සමයේ වත්තල සිට කොළඹ පැමිණීමට බාධා මතුවෙතැයි පවසමින් එම කාලය පුරා තමන් සමගින් තිළිණි ප්‍රියමාලි නවාතැන් ගත්තේ කොළඹ තරු පන්තියේ හෝටලයක බවත් ඊට අදාළ සියලු වියදම් ඇය විසින් පියවූ බවත් ඉසුරු බණ්ඩාර පවසා තිබුණා.

සංචාරක හා මැණික් ව්‍යාපාරයට සම්බන්ධ තමාගෙන් ද, තිළිණි ප්‍රියමාලි මුදල් සහ රත්‍රං වංචා කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: