hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 03, පෙ.ව. 6:16



තිළිණි ප්‍රියමාලිගේ මුල්‍ය වංචා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන් ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (02) නියෝග කළා.

ඒ අත්අඩංගුවට ගත් උන්වහන්සේ ඊයේ පෙරවරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

උන්වහන්සේගේ කඩවත පිහිටි විහාරස්ථානයේ දි අත්අඩංගුවට ගැනීම සිදු වූ අතර අනතුරුව වැඩිදුර ප්‍රශ්ණ කිරීම් සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන එනු ලැබුවා.

එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ, මෙම භික්ෂුන් වහන්සේ තිළිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරය සදහා අයෝජනය කිරීමට හවුල්කරුවන් සොයාගැනීම සදහා සහාය ලබා දී ඇති බවයි.

ප‍්‍රියමාලිට කෝටි ගණන් මුදල් ලබා දුන් ව්‍යාපාරිකයන් සමග ද මෙම හිමිනම සමීප ඇසුරක් පවත්වා ඇය වෙනුවෙන් පෙනී සිට තිබෙනවා.

ඇයට ලබාදුන් මුදල් ඉක්මනින් ලැබෙන බවත් කලබල නොවන ලෙසත් හිමිනම විසින් ව්‍යාපාරිකයන් සනසා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: