hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 04, පෙ.ව. 10:20



ස්වර්ණවාහිනී නාලිකාවේ නාලිකා ප්‍රධානි ලෙස කටයුතු කළ රංගන ද සිල්වා මහතා එම තනතුරෙන්  ඉවත්කර ඇති බව වාර්තා වෙනවා.

උදෑසන පත්තර වැඩසටහන හා හිත ඉල්ලන තරු වැඩසටහනක් නිසා ඔහු වඩාත් ප්‍රකට වුණා.

මින් ඉහත හිරු නාලිකාවේ සේවය කළ රංගන ඊට පෙර ටීඑන්එල් නාලිකාවේ සේවය කර තිබූ අයෙක්.

ඔහුත් සුදේව හෙට්ටිආරච්චිත් එක්වරම හිරු නාලිකාව අතහැර ස්වර්ණවාහිනියට ආ අවස්ථාවේ එම පුවත සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහක් ඇති කළා.

සුදේව ස්වර්ණවාහිනී ප්‍රධාන විධායක ධූරයේ සිටියදී ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙසද පත්වූ අතර ගෝඨාභය රටහැරයාමේ සිදුවීමෙන් පසු ඔහු එම තනතුරින් ඉවත් වුණා.

රංගන කැමැත්තෙන් අයින් වුනාද ස්වර්ණවාහිනි ආයතනය ඔහුව අයින් කරා ද කියන එක පිළිබඳව අපි තවම දන්නේ නෑ.

නමුත් මේ පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන සිදු කරනවා කියලා තමයි ආරංචි වෙන්නේ.

කෙසේ නමුත් රංගන නාලිකා ප්‍රධානි විදිහට කටයුතු කරන කාලේ අති දක්ෂ මාධ්‍යවේදීන් රැසක් ස්වර්ණවාහිනි ආයතනය හැර ගිහින් තිබුණා.

කෙසේවෙතත් මීට පෙර ස්වර්ණවාහිනි මාධ්‍ය ආයතනයේ සේවකයින් හට වහා වැටුප් වැඩි කරන ලෙසත්, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකගෙන් සේවකයින් හට සිදුවන අනිසි බලපෑම් වහා නවතන ලෙසත් ඉල්ලා ස්වර්ණවාහිනි ආයතනයේ සේවකයින් විසින් විරෝධතාවක් ආරම්භ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: