hit counter

2026 ජනවාරි මස 30 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 08, පෙ.ව. 5:18



තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියා පොලීසිය අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට සිඩ්නි අධිකරණයේ දී ඇප ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව ඔහු තවදුරටත් අත්අඩංගුවේ පසුවෙන බව වාර්තා වෙනවා.

මේ අතර, ධනුෂ්කගේ පියා පැවසුවා යැයි කියන සටහනක් ද බුකියේ හුවමාරු වෙමින් පවතිනවා.

“මගේ නෝනා රැකියාවක් කළේ නෑ. මම කරන්නෙ බේකරි රස්සාව. එයා ඉස්කෝලෙ යනකොට පළවැනි ටුවර් එක ආවා ඉන්දියාවට යන්න. ඒකට රුපියල් තිස්දාහක් හොයාගන්න වුණා. ඒ කාලේ ලොකු මුදලක් ඒක. එදා මම ගේ උගස් කරලා රට යවන්න සල්ලි හොයලා දුන්නේ. සමහර දවස්වල එයාගේ මැච් බලන්න ප්‍රැක්ටිස් වලට මමයි අම්මයි පානදුරේට ගිහින් කන්න බොන්න අරන් දුන්නම අපිට බස් එකේ යන්න සල්ලි නැතිවුණු දවස් තිබ්බා. මෙච්චර බැරිකම් තිබ්බත් අපි එයාට හැමදෙයක් ම අරන් දුන්නා…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: