2022 නොවැම්‍බර් 18, පෙ.ව. 5:12
මහා පරිමාණයෙන් මුදල් වංචා කළැයි කියන ‘තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි නමැත්තියගේ දැනුම් දීම මත බොරැල්ලේ සිරිසුමන හිමියන් ව්‍යාපාරිකයන්ගේ නිවෙස්වලට ගොස් ආරූඪ වී, “මේ සුරංගනාවියට සල්ලි දෙන්න. නැත්නම් උඹලා විනාශ වෙනවා” යැයි පවසා ඔවුන් බියකර මුදල් ආයෝජනය කිරීමට ඔවුන් පොළඹවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ ඊයේ (16) කරුණු වාර්තා කළා.
තිළිණි ප්‍රියමාලි යන අයගෙන් ලබාගත් රත්‍රන් වලින් උණුකර සකස් කරගත් රන් කුට්ටි පෙන්වමින් මෙම හිමිනම එම ව්‍යාපාරිකයන්ගේ මුදල් ආයෝජනයට යොදවාගෙන ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
පැමිණිලිකරුවන්ගෙන් රුපියල් කෝටි 130කට අධික මුදලක් වංචා කළ ‘තිකෝ’ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි යන අය වංචා කළ මෙම මුදලට සිදුවූයේ කුමක්ද යන්න මෙතෙක් හෙළි වී නොමැති බවත්, එම මුදල් මෙරටින් පිටවී ඇද්ද? නො එසේනම් නීති විරෝධී කටයුතු වෙනුවෙන් යොදවා ඇත්දැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළා.
මෙම මහා පරිමාණ මුදල් වංචාවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ‘තිකෝ’ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි, ඇයගේ අනියම් සැමියා බව කියන ඉසුරු බණ්ඩාර සහ ‘ක්‍රිෂ්’ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන, බොරැල්ලේ සිරිසුමන හිමියන් සහ ‘තිකෝ’ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වන කසුන් පෙරේරා ඇතුළු සැකකරුවන් පස් දෙනා ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ ඉදිරිපත් වූ අතර, ඔවුන් ලබන 30 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද අධිකරණය නියෝග කළා.
2025 මැයි 15, ප.ව. 1:35
2025 මැයි 15, පෙ.ව. 10:30
2025 මැයි 15, පෙ.ව. 9:38
2025 මැයි 15, පෙ.ව. 12:10
2025 මැයි 15, පෙ.ව. 12:08
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
14-05-25
14-05-25
14-05-25
14-05-25
14-05-25
14-05-25