hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 28, පෙ.ව. 7:26



මෙරට පුංචි තිරයේ ඉන්නා ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතරින් ප්‍රමුඛතම චරිතයක් වශයෙන් නිල්මිණි තෙන්නකෝන් මහත්මිය හදුන්වන්නට පුළුවන්.

ඇයගේ රංගන හැකියාව නිසාම මෙරට කලා ක්ෂේත්‍රය තුළ හිමි වන සම්මාන රැසකින් ඇය පිදුම් ලබා තිබෙනවා.

විවිධ චරිත නිරුපණය කරන චරිතාංග නිළියක් වශයෙන්ද ඇයව හදුන්වන්නට පුළුවන්.

අප කවුරුත් දන්නා ජනප්‍රිය ගායකයෙකු වන මධුමාධව අරවින්ද සමඟ විවාහ වී මේ වන විට ඔහුගෙන් වෙන් වී දියණිය සමග කාලය ගත කරන නිල්මිණි තෙන්නකෝන් දරුවා එක්ක කලා කටයුතු කටයුතුත් සමබරව කරගෙන යනවා.

නිල්මිණී ඇගේ ෆේස්බුක් ගිණුමේ ඇගේ සහ දියණිය ස්වේතාගේ පැරණි ඡායාරූපයක් පල කරමින් ගීතයක පද කීපයක් සටහන් කර තිබුණා.

ලා දලු බෝපත් සෙමින් සැලෙන සේ යශෝදරා දේවී……

වාවනු බැරි තැන රහසේ හැඩුවා පෙර සංසාරේ ඇසුර මතක් වී……..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: