hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 18, පෙ.ව. 8:55



ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් චරිතාපදානය පදනම් කරගෙන නිර්මාණය වන 800 චිත්‍රපටයේ පෝස්ටරය ඊයේ (17) නිකුත්ව තිබෙනවා.

මෙම චිත්‍රපටයේ දඟ පන්දු යවන්නාගේ චරිතයට පණ පොවන්නේ මධුර් මිතල් විසින්.

මීට පෙර ප්‍රකට නළු විජේ සේතුපති ක්‍රිකට් ක්‍රීඩකයාගේ චරිතාපදානය නිරූපණය කිරීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් ඔහු 2020 දී ව්‍යාපෘතියෙන් ඉවත් වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයාගේ 51 වැනි උපන්දිනය වෙනුවෙන් මෙම චිත්‍රපටයේ පළමු පෝස්ටරය එළිදක්වා තිබෙනවා.

මෙම චිත්‍රපටයේ රූගතකිරීම් අවසන්ව ඇති අතර එය දෙමළ ඉංග්‍රීසි, තෙලිඟු හා හින්දු යන භාෂාවලින් නිකුත් කෙරෙනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: