hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 31, පෙ.ව. 9:10



බොරැල්ල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමක් අතරතුරදී සුඛෝපභෝගි මෝටර් රථයකින් පළා ගිය ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු සොයා කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (30) රාත්‍රි පුළුල් මෙහෙයුමක් ඇරඹුවා.

හෙරෝයින් ග්‍රෑම් 150ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව මෙම කණ්ඩායම ගැන තොරතුරු ලැබී තිබුණා.

පසුව නිලධාරීන් එම පිරිස කොටුකර ගැනීමට වනාතමුල්ල, ඕවල් ක්‍රීඩාංගණයට යාබදව ඇති සරණපාල හිමි මාවතේ නතර කර තිබූ රතු පැහැති මෝටර් රියක් හඳුනා ගෙන ඒ දෙසට ගොස් තිබෙනවා.

එම මෙහෙයුමේ දී පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමෙන් සැරසී සුදු පැහැති වෑන් රියකින් අදාළ මෝටර් රථය වෙත ළඟාවත් ම රථය එතැනින් පළා යනු ලැබුවා.

ඒ සමඟම රථයේ සිටි පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තැබූ බවයි පැවසෙන්නේ.

ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් වෙඩි තැබීමක් සිදු කළ ද රථය නොනවත්වා පළා ගොස් තිබෙනවා.

පසුව කළ විමර්ශනයේ දී පළා ගිය රතු පැහැති මෝටර් රථය, පෑලියගොඩ පරාක්‍රම මාවතේ කන්ටේනර් අංගනයක තිබී සොයා ගනු ලැබුවා.

පළා ගිය සැකකරුවන් සොයා කොළඹ අපරාධ කොට්ඨාසය සහ බොරැල්ල පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: