hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 7:25



දින නියමයක් නොමැතිව කල්දමන ලද එක්සත් ජාතික පක්ෂයේ 56 වන සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඔක්තෝම්බර් මස 21 සෙනසුරාදා පස්වරු 2 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඊයේ රැස්වුණු පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගත බව සඳහන්.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඊයේ පස්වරුවේ රැස් වුණා.

පක්ෂ සම්මේලනය සැප්තැම්බර් 10 වැනිදා පවත්වන්නට මීට පෙර තීරණය කර තිබූ අතර වර්ෂා සහිත කාලගුණය නිසා එය කල් දැමීමට පසුව තීරණය කෙරුණා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: