hit counter

2024 මැයි මස 17 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 16, ප.ව. 6:31



සීදූව දඬුගංඔයේ ඉවුරට ගොඩ ගසා තිබූ ගමන් බෑගයක තිබී නාඳුනන පිරිමි මළසිරුරක් සීදූව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ එම පුද්ගලයා ඝාතනය කර වෙනත් ප්‍රදේශයකින් දඬුගංඔයට දමා ඇති බවට සැක කරන බවයි.

මරණකරු වයස අවුරුදු 35-40 අතර වයසැති උස අඩි 5යි අඟල් 8ක් වන සාමාන්‍ය සිරුරක් සහිත හිසකෙස් අඟල් දෙකක් පමණ දිග පිරිමි පුද්ගලයෙකි.

රතු පැහැති ටීෂර්ටයක් සහ දුඹුරු පැහැති දිග කලිසමක් මරණකරු හැඳ සිටින අතර ඔහුගේ ගෙලෙහි දකුණුපස තරු සලකුණු හතක් සහිත පච්චයක් කොටා ඇති බවයි පොලීසිය පැවසුවේ.

මියගිය පුද්ගලයාගේ හිස දෙපස හා නිකටෙහි තුවාල සලකුණු දක්නට ලැබෙන බවද පොලීසිය සඳහන් කළා.

පොලීසිය පැවසුවේ ඔහුව දින කිහිපයකට පෙර ඝාතනය කර ඇති බවට සැක කරන බවයි.

මළසිරුර හඳුනා ගැනීමෙන් පසුව දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව පැවසෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: