hit counter

2026 ජනවාරි මස 21 වන බදාදා

2023 ඔක්‍තෝබර් 13, පෙ.ව. 12:09



පවතින වැසි සහිත කාලගුණ තත්වය හමුවේ දරුවන් අතර රෝග රැසක් පැතිර යාමේ අවධානමක් ඇතිබව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවා.

ඒ අනුව ස්වසන රෝග ළමා හතිය සහ නියුමෝනියා රෝගී දරුවන්ගෙ වැඩි වීමක් ඇති බව පැවසුවා.

දවස් දෙක තුනකට වඩා උණ පැවතියහොත් වඩාත් කල්පනාකාරී විය යුතුයි.

වෛරස් උණ රෝගයක් පැතිරයමින් ඇති නිසා උණ වැලදුනහොත් නියමිත පරිදි පැරසිටමෝල් මාත්‍රාවක් පමණක් ලබා දෙන ලෙස දැනුම් දෙයි.

තව දුරටත් උණ පවතී නම් වෛද්‍ය උපදෙස් මත රුධිර පරීක්ෂා කිරීමක් සිදුකර ගන්නා ලෙසද ඒ මහතා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: