2023 ඔක්‍තෝබර් 14, ප.ව. 2:24
            
ජැක්සන් ඇන්තනී මහතාට ඇති ගෞරවය තමන්ට ද ඇති බව සිතාගෙන සජිත ඇන්තනි මහතා විවිධ ප්‍රකාශ නිකුත් නොකර සිටි යුතු බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදී විද්වත් මණ්ඩලය සඳහන් කරනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.
එහි කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ ජාතික රෝහලට වෙන්ටිලේටර යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳව මේ මොහොතේ සාකච්ඡා නොකළ යුතු බවයි.
ජැක්සන් ඇන්තනි යනු මෙරට අසහාය නළුවෙක් බවත් ඔහුට අගෞරවයක් නොවන දෙස අදාල කාරණාව පිළිබඳව සංගමයක් ලෙස තමන් කරුණු හෙළිදරව් කරන ලද බවද හෙතෙම පැවසුවා.
එනිසා මෙවන් මොහොතක සජිත ඇන්තනී මහතා සිදුකරන ප්‍රකාශයන් පිළිබඳව ඉතා සැලකිලිමත් විය යුතු වුවත් එම ප්‍රකාශයන්ට විෂයන් දන්නා පුද්ගලයන් ප්‍රතිචාර දැක්වීමට ගියොත් ජැක්සන් ඇන්තනි මහතාට අගෞරවයක් වීමට හැකි බවද හෙතෙම කියා සිටියා.
කෙසේ නමුත් ජැක්සන් ඇන්තනී මහතාගේ මරණයට අදාළව සෝමරත්න දිසානායක මහතා අවස්ථා කිහිපයක දී ම මතු කරන ලද කාරණාව පිළිබඳව සජිත ඇන්තනි මහතා අවධානය යොමු කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25