hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 19, ප.ව. 8:24



ඛනිජ තෙල් මිල යළි වැඩි නොවන බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද (19) පාර්ලිමේන්තුවේදී ආර්ථික කළමනාකරණය සඳහා නිවේදන 11 ක් ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වගකීම භාණ්ඩාගාරය බාරගෙන තිබෙන බව රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ,

”ඛනිජ තෙල් සංස්ථාවේ වගකීම භාණ්ඩාගාරය විසින් බාරගනු ලැබුවා. ඒ වගකීම ආවරණය කිරීම සඳහා ජනවාරි 1 වැනි දා සිට රුපියල් 25ක නිෂ්පාදන බද්දක් පැනෙව්වා. නමුත් අදාළ ඉලක්කයට යන්න බැරිවුණ නිසා ජුනි මාසයේදී තවත් 25 ක බද්දක් පැනෙව්වා.ඒක වගකීම් ටික දරා ගැනීම වෙනුවෙන් අය කරපු මුදලක්. මේක ජුනි මාසයේ සිට ක්‍රියාත්මකයි. ඛනිජ තෙල් මිල වැඩි නොවන බව කියන්න කැමතියි. නැත්නම් එක එක කතා කියන්න පුළුවන් නෙ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: