hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 22, ප.ව. 5:14



අද පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, දකුණ, උතුරු සහ උතුරුමැද පළාත්වල උදෑසන කාලයේ දී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ද ඇති වෙනවා.

කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: