2023 නොවැම්‍බර් 23, පෙ.ව. 12:04
සංගීතය හදාරන තම පාසල් යන දරුවාට වයලීනයක් මිලදී ගැනීමට මුදල් සොයා ගැනීම සඳහා සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණි තරුණ මවකගේ කතාවක් දියවන්නාවට නුදුරු පොලිස් ස්ථානයකින් අසන්නට ලැබෙනවා.
එම පොලිස් බල ප්‍රදේශයේ නීතිවිරෝධී සම්භාහන මධ්‍යස්ථාන වැටලූ පොලිස් කණ්ඩායමකට මෙම මව හමු වී තිබෙනවා.
වැටලීමෙන් පසු පොලිසියට රැගෙන ආ තරුණියන් ඇතුළු පිරිස ඇප ලබාදීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරයා හමුවට ඉදිරිපත් කොට තිබෙනවා.
එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා මෙම පිරිසට අවවාද කර ඇප ලබාදීමට නිලධාරීන්ට උපදෙස් දුන්නා.
වැටලීම කළ නිලධාරීන් සමග ඇප ලබාගන්නට පැමිණි එක් කතක් තම කණ්ඩායම සමග පිටව යන්නට පෙර නැවත පොලිස් ස්ථානාධිපතිවරයා හමුවන්නට පැමිණියා.
“සර් මම කැමැත්තෙන් මේ රස්සාවට ආවා නෙවෙයි. මගේ ළමයාට වයලීන් එකක් අරන් දෙන්න කියලා හැමදාම අඬනවා. ළමයාට සංගීතය ඉගෙන ගන්න තියෙන ආශාවට එයා වයලීන් එක ඉල්ලනවා. ඒක අරන් දෙන් සල්ලි නැති නිසා තමයි මම ස්පා එකේ වැඩට ආවේ. මම ඊයේ තමයි මුලින්ම රස්සාවට ආවේ සර්. පහුවදාම මාව අහුවුණා. මම ළමයාගේ වැඩේට සල්ලි හොයාගෙන යන්න යනවා’’ යැයි ඇය හැඬූ කඳුලින් පවසා නික්ම ගොස් තිබෙනවා.
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 11:16
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:29
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:03
2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:23
2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:17
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
17-12-25
17-12-25