hit counter

2025 අගෝස්‍තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 27, ප.ව. 6:18



රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආයතන සඳහා පැමිණීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට එලෙස පැමිණීමට නොහැකි වූ දින විශේෂ නිවාඩු දින ලෙස සැලකීමටයි.

ඒ අනුව පසුගිය සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති වූ ජල ගැලීම්, ගංවතුර සහ නායයෑම් නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන් සඳහා පමණක් මෙය වලංගු වේ.

ඒ සම්බන්ධයෙන් මෙම අමාත්‍යංශය විසින් විශේෂ චක්‍රලේඛයක් ද නිකුත් කර ඇත.

එම ලේඛනයේ සඳහන් වන්නේ මෙලෙස ලබා දෙන විශේෂ නිවාඩු අදාළ ආයතනයේ පවත්වාගෙන යනු ලබන නිවාඩු ලේඛනයේ සුදුසු පරිදි ඇතුළත් කළ යුතු බවයි.

ඒ අනුව තමාට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වූ හේතුව සඳහන් කර එය ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් නිර්දේශ සහිතව ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කළ යුතු බව සඳහන් වේ.

කෙසේ වෙතත්, අදාළ ඉල්ලීම පිළිබඳ පරික්ෂා කිරීමෙන් අනතුරුව ආයතන ප්‍රධානියා විසින් කර එහි නිරවද්‍යතාව පිළිබද සෑහිමකට පත් වන්නේ නම් මෙම විශේෂ නිවාඩුව ලබා දෙන බව වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: