hit counter

2026 මැයි මස 03 වන ඉරිදා

2024 පෙබරවාරි 16, පෙ.ව. 12:02



ඉන්දියානු සම්භවයක් ඇති පවුලක් එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ඔවුන්ගේ නිවසේ මියගොස් සිටියදී සොයා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම පවුල හඳුනාගෙන ඇත්තේ ආනන්ද් සුජිත් හෙන්රි (42), ඔහුගේ බිරිඳ ඇලිස් ප්‍රියංකා (40) සහ ඔවුන්ගේ 4 හැවිරිදි නිවුන් දරුවන් වන නෝවා සහ නේතන් ය.

නිවසේ කිසිවකු ඇමතුමට නොපැමිණීම නිසා කළ දැනුම්දීමකට අනුව පොලීසිය ඔවුන්ගේ මෘත ශරීර සොයාගෙන ඇත.

 පොලීසිය පවසන්නේ දරුවන් දෙදෙනාගේ සිරුරු නිවසේ කාමරයේ ඇඳ මත තිබී සොයාගත් බවයි.

එසේම මියගිය යුවළගේ සිරුරු එම නිවසේ නානකාමරයේ තිබී සොයාගෙන ඇති අතර එහිදී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල ගිනි අවියක් ද එම ස්ථානයේ තිබී සොයාගෙන ඇත.

ඔවුන්ගේ මරණයට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර විමර්ශන සිදු කරමින් පවතිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: