2024 මාර්තු 16, පෙ.ව. 12:14
උණුසුම් කාලගුණ තත්ත්වය එළඹෙන මැයි මස මැද ආරම්භ වන නිරිත දිග මෝසම් වර්ෂාව තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
අතරතුර කාලයේ රටේ ඇතැම් ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහිත කාලගුණයක් පැවැතිය හැකි බවද කාලගුණ විද්‍යාඥ පබෝධිනි කරුණාපාල සදහන් කළාය.
සුළගේ වේගය අඩුවීම හා ප්‍රදේශ කිහිපයක පහළ වායු ගෝලයේ ජලවාශ්ප වැඩි වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න සදහන් කරයි.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාතේ සහ මන්නාරම, හම්බන්තොට, අනුරාධපුර, පොලොන්නරුව, මොණරාගල, වව්නියාව දිස්ත්‍රික්කවල උණුසුම් කාලගුණය පවතින බවද සදහන් කරයි.
එනිසා වැඩිපුර ජලය පානය කරන ලෙසත් හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින ලෙසත් දරුවන් එළිමහනේ ක්‍රීඩා කටයුතු සදහා යොමු නොකරන ලෙසත් වැඩිහිටි පුද්ගලයින් ගැන දැඩි අවදානයෙන් සිටින ලෙසද දැනුම්දීමක් කරයි.
2025 මැයි 11, පෙ.ව. 12:30
2025 මැයි 11, පෙ.ව. 12:28
2025 මැයි 11, පෙ.ව. 12:21
2025 මැයි 11, පෙ.ව. 12:18
2025 මැයි 11, පෙ.ව. 12:13
11-05-25
11-05-25
10-05-25
10-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
08-05-25
08-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25