hit counter

2026 පෙබරවාරි මස 01 වන ඉරිදා

2022 ජූනි 22, පෙ.ව. 8:03



නුගේගොඩ, මෙල්ඩර් පාරේ පිහිටි පෙරටුගාමී සමාජවාදි පක්‍ෂ මූලස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායමක් පැමිණ තිබෙනවා.

එම පොලිස් කණ්ඩායම වරෙන්තුකරුවකු සොයන්නේ යැයි පවසා පිටව ගිය බවයි එම පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසන්නේ

මිරිහාන විශේෂ අපරාධ විමර්ෂණ ඒකකයේ සහ වැල්ලවත්ත පොලිසියේ ජීප් රථ දෙකකින් සහ පොලිස් යතුරුපැදියකින් එම පොලිස් කණ්ඩායම පක්‍ෂ මූලස්ථානයට පැමිණ තිබුණා.

වරෙන්තුකරු කවුරුන්ද යන්න පොලිසිය ප්‍රකාශ නොකළ බව පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළා.

පොලිසිය කඩා වදින විට පක්‍ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පැවැත්වෙමින් තිබූ බවත් සැක සහිත යතුරුපැදියක් මූලස්ථාන අසළ සැරිසැරීම හේතුවෙන් පක්‍ෂ සාමාජිකයිිින් ගොස් ඒ පිළිබඳව විමසා ඇති බවත් ඔහු ‌කියා සීටියා.

පක්‍ෂ මූලස්ථානයට බලහත්කාරයෙන් කඩාවැදීම පිළිබඳව පක්ස සාමාජිකයන් පොලිසියට විරෝධය පළකර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: