hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූලි 07, ප.ව. 5:37



අන් අයගේ අයිතිවාසිකම්වලට ගරු කරමින් මහජන සාමය කඩ නොවන අයුරින් එම උද්ඝෝෂණ සිදු කළ යුතු බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පවසනවා.

තම මූලික අයිතිවාසිකම් භුක්තිවිඳීම සඳහා කටයුතු කරන අවස්ථාවලදී ඉතා වගකීමෙන් යුක්තව රජය සහ පුද්ගලික දේපළවලට හානි සිදුකිරීමෙන් සහ නිත්‍යානුකූල ලෙස සේවයේ යොදවා සිටින රජයේ සහ පුද්ගලික සේවකයින්ට බාධා කිරීමකින් වැළකී නීතිමය රාමුව තුළ එම අයිතිවාසිකම් භුක්ති විඳින ලෙස පොලිස්පතිවරයා දැනුම් දී සිටිනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කර සිටිනවා.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති භාෂණයේ, ප්‍රකාශනයේ මෙන්ම සාමකාමීව රැස්වීමේ අයිතියට සෑම විටම පොලිසිය ගරු කරනු ලබනවා. පුරවැසියන්ගේ එම අයිතිය ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට ද ගත හැකි සෑම ක්‍රියාමාර්ග පොලිස් දෙපාර්තමේන්තුව විසින් ගනු ලබනවා.

ආණ්ඩුක්‍රම ව්‍ය්වාස්ථාවෙන් ලබාදී ඇති මෙම අයිතිය ක්‍රියාවට නැංවීමේදී අන් අයගේ ද මුලික අයිතිවාසිකම් කඩ නොකිරීමේ වගකීමක් සෑම දෙනෙකුටම පවතින බවත් රටේ පවතින නීතියට එරෙහිව යමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් රාජ්‍ය මෙන්ම පොදු දේපළ වලට හානි කිරීමට කටයුතු නොකළ යුතුයි.

රටේ පවත්නා නීතිය උල්ලංඝනය කරමින් සාමකාමී බව බිඳවැටෙන ආකාරයට ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කරමින් රාජ්‍ය සහ පුද්ගලික දේපළවලට හානි කරමින් රැස්වීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මුවාවෙන් සිදුකරනු ලබන නීතිවිරෝධී ක්‍රියා ඉවසා සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රටේ නීතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින කිසිදු පොලිස් නිලධාරියෙකුට හැකියාවක් නැහැ.

එබැවින් මෙම අවස්ථාවේදී සියලුම මහජන ක්‍රියාකාරීන්, දේශපාලන නායකයින් හා ආගමික නායකයින් ඇතුළු සියළුදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ තම මූලික අයිතිවාසිකම් භුක්තිවිඳීම සඳහා කටයුතු කරන අවස්ථාවලදී ඉතා වගකීමෙන් යුක්තව රජය සහ පුද්ගලික දේපළවලට හානි සිදුකිරීමෙන් සහ නිත්‍යානුකූල ලෙස සේවයේ යොදවා සිටින රජයේ සහ පුද්ගලික සේවකයින්ට බාධා කිරීමකින් වැළකී නීතිමය රාමුව තුළ එම අයිතිවාසිකම් භුක්ති විඳින ලෙස පොලිස්පතිවරයා දැනුම් දී සිටිනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: