hit counter

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 06, ප.ව. 1:28



උසස් පොලිස් නිලධාරින්ගේ සහ සියලුම පොලිස් වාහනවලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සියයට විස්සකින් මේ මස පළමුවන දින සිට අඩු කරන ලෙස පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ට සහ කොට්ඨාස ගණකාධිකාරිවරුන්ට දන්වා තිබෙනවා.

විදුලිය සහ ඉන්ධන අපිරිමැස්මෙන් පාවිච්චි කිරිම සඳහා පොලිස්පතිවරයා විසින් මෙයට පෙර පොලිස් වාහනවලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සියයට පහළොවකින් අඩු කරන ලෙස 2022.04.11වනදිනැති චක්‍රලේඛයක් මගින් සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ට දන්වා තිබුණා.

මේ මස පළමු වනදින සිට තව දුරටත් එම ප්‍රමාණය සියයට විස්ස දක්වා වැඩි කරන ලෙස පොලිස්පතිවරයා නැවත මෙසේ දන්වා තිබෙනවා.

ඉන්ධන මිල වැඩි විමට සාපේක්ෂව ශ්‍රි ලංකා පොලිසිය වෙත ලබාදි ඇති මුල්‍ය ප්‍රතිපාදන සීමාවන් ඉහල නංවා නොමැති බැවින් පොලිසියට අනුයුක්ත සියලුම වාහන සඳහා මේ වනවිට ලබාදි ඇති ඉන්ධන ප්‍රතිපාදන සිමා කිරිමට සිදුව ඇති බවද පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයෙහි සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: