2024 මැයි 02, පෙ.ව. 12:04
ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ.
ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.
ඔහු තුළ හිටයේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.
නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.
දේශපාලනයට සමු දීපු ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා විවිධාකාරයේ පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.
කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.
මධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.
මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා දුරදිග ගෙනියන්න.
දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා.
ඇය නමින් ස්වේතා.
අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.
නිල්මිණි තෙන්නකෝන්ගෙන් ඉවත්ව මේ වෙනකොට එරන්දි එන් සිරිවර්ධන සමග ජීවිතය ගෙනියනවා.
මධුමාධව අරවින්ද ගැන දන්නා නිසාම ඔහුගේ මේ කතා විහිළුවක් ස්වරූපයෙන්ම ගන්න, ඔහු වටා රොක්ව ඉන්න පිරිස දැන් හුරුවෙලා.
සංවේදී හදවතක් ඇති කෙනෙක් විදිහටත් ඔහු වෙලාවකට අපිව වෙනමම ලෝකයකට එක්කගෙන යනවා.
මධූ මේ කියන්නේ කා ගැනද?
ඒ අපි හැමෝම ගොඩක් ආදරය කළ චරිතයක් ගැන.
ජැක්සන් ඇන්තනී.
ඒ කෘතහස්ත චරිතය ගැන මේ වෙද්දී ගොඩක් දෙනෙකට අමතක වෙලා කියලා හිතුවාට නැහැ.
තවමත් ඔහු අපි සියල්ලන්ගේම හදවතේ ජීවමානව සිටිනවා.
මේ මදුමාධවගේ මුහුණුපොතේ ඒ වෙනුවෙන් ලියවුණු වදනක්.
“සකලකලා වල්ලබ සොහනක තනී.
හුස්ම ගන්නවා ජැක්ස්න් ඇන්තනී.
උබ දන් නැතිව සොහොනට එන උබේ එකා
යමි නුබ කැටුව පුරවන් මගෙ පපුවෙ දුකා
උබමයි නටුව මල සහ මුල අපේ එකා
නුබ මන් දුටුව ලොකුම කන්ද තමයි ජැකා
කදුවින් මිනිස්සුන්ට වැන්ද
මම මදුමාදව කදුවින්ද…”
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 19, ප.ව. 3:20
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
19-12-24
19-12-24
18-12-24
18-12-24
17-12-24
17-12-24
17-12-24
17-12-24