hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 මැයි 19, ප.ව. 7:57



ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටරය උතුරුදිග ඉරානයේ කඳුකර පෙදෙසකදී හදිසියේ ගොඩබස්වා ඇතැයි වාර්තා වනවා.

මෙම හෙලිකොප්ටරයේ විදේශ අමාත්‍ය හුසේන් අමීරබ්දුල්ලහියාන්, නැගෙනහිර අසර්බයිජාන ප්‍රාන්තයේ ආණ්ඩුකාර මලික් රහ්මාති සහ ටබ්‍රිස් හි ඉමාම් මොහොමඩ් අලි අල් හශෙම් යන අය ද සිටි බවයි වාර්තා වන්නේ.

මේ සමග ගමන් ගත් අනෙක් හෙලිකොප්ටර් දෙක නිරුපද්‍රිතව ඒ අසළ ගොඩබැස ඇතැයි ද වාර්තා වුණා. අයහපත් කාලගුණය හේතුවෙන් සහන කටයුතු අඩාල වී ඇතැයි ද පැවසෙනවා. ජනාධිපතිවරයාගේ තත්ත්වය පිළිබඳ නිවැරදි අදහසක් මෙතෙක් ලැබී නැහැ. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සුවෙන් පසුවන බවත් ටබ්‍රිස් වෙත ගමන් අරඹා ඇති බවත් මෙහර් පුවත් ඒජන්සිය කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: