2024 මැයි 21, පෙ.ව. 9:46
ආන්දෝලනාත්මක හෙලිකොප්ටර් අනතුරෙන් මිය යාමට පෙර දිනයේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මෙරට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර වෙත එවන ලද විශේෂිත ලෝහමය සිහිවටනයක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අමාත්‍යවරයා වෙත ඊයේ (20) භාරදී ඇත.
පසුගියදා ඉරාන ජනාධිපතිවරයා උමාඔය ජල විදුලි ව්‍යාපෘතිය විවෘත කිරීමට මෙරටට පැමිණි අවස්ථාවේදී, ඔහු මෙරට ඇමැති මහින්ද අමරවීර හට සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඇරයුමක් කළ අතර ඒ අනුව, ඇමැතිවරයා පසුගියදා ඉරානයේ සංචාරයකට සහභාගී විය.
එම සංචාරයෙන් පසුව මියගිය රයිස් ජනාධිපතිවරයා විසින් අමරවීර අමාත්‍යවරයාට ලෝහමය විශේෂිත ත්‍යාගයක් එවා තිබිණි.
එම කරුණ සුවිශේෂී වනුයේ ඉරාන ජනාධිපතිවරයා හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව නිල වශයෙන් ප්‍රකාශ කෙරුණු ඊයේ (20) දිනයේදීම අමරවීර අමාත්‍යවරයාට අදාළ ත්‍යාගය ලැබීම ලැබීමයි.
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 4:50
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 2:22
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:48
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:40
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:23
08-09-25
08-09-25
28-08-25
28-08-25
18-08-25
18-08-25
01-08-25
01-08-25
02-06-25
02-06-25
18-05-25
18-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
02-05-25
02-05-25
22-04-25
22-04-25
31-03-25
31-03-25