2024 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 11:09
            
දුම්රිය ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේ මිලට ගැනීමට හඳුන්වා දී ඇති නව ක්‍රමවේදය නිසා ප්‍රවේශ පත්‍රයක් නොමැතිව දුම්රියේ හොරෙන් ගමන් කරන මගී ප්‍රතිශතය සියයට පනහ ඉක්මවා තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
පසුගිය කාලයේ විසිදහසක් පමණ පිරිසක් ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කරන බව නිරීක්ෂණය වී ඇති බවත් මේ වන විට එම පිරිස හැට දහසක් පමණ වන බවත් එම සංගමය සඳහන් කරයි.
ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහගේ උපදෙස් මත දුම්රිය දෙපාර්තමේන්තුව මගින් වෙබ් පිටුවක් හඳුන්වා දී ඒ හරහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේ පසුගිය සතියේය. මේ අනුව ඕනෑම මගියකුට අපහසුතාවකින් තොරව මාර්ගගතව ගාස්තුව ගෙවා දමා ඊ ප්‍රවේශ පත්‍රයක් මිලදී ගැනීමට අවස්ථාව හිමි විය.
කෙසේ වුවද දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරන්නේ මෙම ක්‍රියාපිළිවෙත හොඳ එකක් වුවත් ප්‍රථමයෙන්ම සිදුකළ යුතු මූලික සම්පත් සැලසීමකින් තොරව අවසානයේදී කළ යුත්ත ප්‍රථමයෙන් කර තිබෙන බවයි.
මෙම නව ක්‍රමවේදයේ අඩුපාඩු රැසක්ම පවතින බවත් ඒ නිසා දුම්රිය මගීන්ට දැඩි අසීරුතාවට පත්වන අතර දුම්රිය ස්ථානවල පෝලිම් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙන බවත් ඔවුහු පෙන්වා දෙති.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
31-10-25
                                            31-10-25
31-10-25
                                            31-10-25