hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:04



රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා මේ පිළිබඳ උනන්දුවක් දක්වන තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 54 ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි යම් තැනැත්තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු වේ නම් එවැනි තැනැත්‍තකු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්වීම සඳහා සුදුසුකම් නොලනු ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කරනවා.

එමෙන්ම කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කරනු ලැබීමට පෙරාතුව රාජ්‍ය සේවයේ රජයේ නිලධර‍යකු හෝ අධිකරණ නිලධාරියකු හෝ වශයෙන් රජයේ සේවයේ නිරතව සිටි සෑම තැනැත්තකුම එම ධුරය දැරීම සඳහා ඉහත පත්කිරීම බලාත්මක වූ විට නතර වන අතර රාජ්‍ය නිලධාරියෙකු හෝ අධිකරණ නිලධාරියෙකු ලෙස තවදුරටත් පත් කරනු ලැබීමට ඒ තැනැත්තා නුසුදුස්සකු වනු ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කර තිබෙනවා.

මේ සඳහා වන අයදුම්පත්‍ර පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ක්ෂණික සබැඳි යටතේ ‘රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කිරීම’ නමින් පළකර ඇති ආකෘතිය අනුව පිළියෙල කර, සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2024 සැප්තැම්බර් මස 23 දින හෝ එදිනට පෙර, “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිකුත් කල නිවේදනයේ සඳහන්.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: