2024 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:04
            
රටේ සිටින වයස අවුරුදු 5ට අඩු ළමයින් මන්දපෝෂණයෙන් වළක්වා ගැනීම සඳහා අදාළ පවුල් වෙත සෞඛ්‍ය ජනක ආහාර ද්‍රව්‍ය සහිත ආහාර මලු හෝ වවුචර් පත් ලබාදෙන ලෙස මන්දපෝෂණ තත්ත්වය පිළිබඳව අධීක්ෂණය කිරීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව නිර්දේශ කර තිබේ.
මන්දපෝෂණයට ලක්විය හැකි පවුල්වල පෙර පාසල් වියේ පසුවන දරුවන් සඳහා රජය විසින් එක් දරුවකුට දිනකට ලබාදෙන රුපියල් සියයක මුදල අඛණ්ඩව ලබාදෙන ලෙසද එම නිර්දේශයන්ට ඇතුළත් වේ.
ඊට අමතරව ගර්භණී මවුවරුන් සඳහා බහු පෝෂක ආහාර, වයස අවුරුදු 5ට අඩු දරුවන් සඳහා චිකිත්සක ආහාර මෙන්ම පාසල් ළමයින් සඳහා සතිපතා යකඩ ෆෝලික් අම්ල අතිරේකය ලබාදීමටද යෝජනා කර තිබේ.
මීට අමතරව විටමින් සී ඌනතාවය වැළැක්වීම පිණිස සියලු දරුවන්ට දිනකට විනාඩි 30ක් හිරුඑළියේ නිරාවරණය කිරීමටද එමගින් යෝජනා කර තිබේ.
මන්දපෝෂණ තත්ත්වය අධීක්ෂණය කිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාවට අනුව මෙරට දරුවන්ගේ බර අඩුවීම, කෘශ බව සහ මිටි බවට (කුරුවීම) බලපා ඇත්තේ පසුගිය කාලයේ පැවති ආර්ථික අර්බුද සහ කොවිඩ් තත්ත්වය බවද හෙළිව තිබේ.
එහිදී අලුතින් බිහිවන දරුවන්ගේ උපත් බර අවම දිස්ත්‍රික්කය ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කය වාර්තා වී ඇත.
එමෙන්ම ඉදිරි කාලසීමාවේදී මෙරට තවත් ළමයින් ලක්ෂ 22ක පිරිසක් මන්දපෝෂණ තත්ත්වයට ගොදුරුවීමේ අවදානමක් පවතින බැවින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් නිකුත් කර ඇති වාර්තාව පිළිබඳව අවධානය යොමු කරන ලෙසද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අදාළ බලධාරීන් වෙත දැනුම් දී තිබේ.
මෙම කාරක සභා වර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
                                                        2025 නොවැම්‍බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25