hit counter

2024 නොවැම්‍බර් මස 01 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:02



කැලණිය විශ්වවිද්‍යාල‌යේ කන්නංගර නේවාසිකාරයේ හතරවෙනි මහලේ වහලෙන් බිමට ඇද වැටී මිය ගිය සිසුවා‌ගේ මළ සිරුර ඔහුගේ සහෝදරයා වෙත භාරදී තිබෙනවා.

ඒ, ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුවයි.

එහිදී අනාවරණ වී ඇත්තේ, ශරීරයේ ඇති වූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් මරණය සිදුවී ඇති බවයි.

මියගිය සිසුවාගේ ශරීරයේ බාහිර තුවාල කිසිත් නොමැති බවත් උස ස්ථානයකින් පහලට වැටීමෙන් හිස්කබලට කොදුඇට පෙළට සහ ඉළඇට වලට සිදුවූ බරපතල හානි හේතුවෙන් ඔහු ජීවිතක්ෂයටත් පත්වී ඇති බවත් සඳහන්.

පසුගිය 23 වැනිදා අළුයම මරණකරු නේවාසිකාරයේ හතරවෙනි මහලේ වහලෙන් බිමට ඇද වැටුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිසුන් ඇතුලු 21 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: