2024 ඔක්තෝබර් 28, පෙ.ව. 12:06
ගිරිඋල්ල, මැද්දෙපොළ, හේන්යාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක පාසල් සිසුවියක ආපනශාලාවකින් ගෙනා කුකුළු මස් සහිත බිරියානි ආහාරයට ගැනීමෙන් අනතුරුව රෝගාතුර වී දඹදෙණිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියයාමේ පුවතක් මේ වන විට දැඩි කතා බහට ලක්ව තිබෙනවා.
මෙම සිසුවියගේ සහෝදරයා ගිරිඋල්ල නගරයේ පිහිටි ආපන ශාලාවකින් පසුගිය 23 වැනිදා රාත්‍රී ආහාරයට ගැනීම සඳහා කුකුළු මස් සහිත බිරියානි ගෙනවිත් ඇති අතර, එම බිරියානි ආහාරයට ගත් ඇයගේ සිරුර කැසීමට ලක්ව පලු දමා තිබෙන බව හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.
පසුව ඇයව දඹදෙණිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මෙසේ මියගොස් ඇත්තේ.
මියගිය සිසුවියගේ මව, සහෝදරයා සහ බිරියානි ආහාරයට අනෙක් අයට කිසිඳු රෝගී තත්ත්වයක් ඇති වී නොමැති බවටයි අනාවරණය වී තිබෙන්නේ.
මියගිය සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේදී පවත්වා ඇති අතර, එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුර පරීක්ෂණ සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන්ට යැවීම සඳහා ඇගේ සිරුරේ කොටස් ලබාගෙන තිබෙනවා.
අකාලයේ මිලින වූ තම සොහොයුරියගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ සහෝදරයා සිය මුහුණු පොතට මෙවැනි සටහනක් එක් කර තිබුණා..
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 25, පෙ.ව. 12:01
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
24-12-24
24-12-24
24-12-24
24-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24