2024 නොවැම්බර් 29, පෙ.ව. 12:03
තම බිරිඳ සමඟ ජීවත් වීමට, 24 හැවිරිදි පෙම්වතියව කපා කොටා ඝාතනය කළ තරුණයෙක් පිළිබඳ පුවතක් අසල්වැසි ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ කුන්ටි ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙම ඝාතනය සිදුකර ඇත්තේ, තමිල්නාඩුවේ මස් වෙළෙන්දෙකු ලෙස සේවය කළ 25 හැවිරිදි නරේෂ් භෙන්ග්රා නම් අයෙක් බව සඳහන්.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ භෙන්ග්රා සිය පෙම්වතියව, මීට දෙසතියකට පමණ පෙර වනාන්තර ප්‍රදේශයකදී මරා දමා ඇති බවයි.
සිද්ධිය පිළිබඳව අනාවරණයව ඇත්තේ, නොවැම්බර් 24 වනදා ජරියාගර් පොලිස් ස්ථානය පිහිටි ජෝර්දාග් ගම්මානය අසල මිනිස් සිරුරු කොටස් සමඟ අයාලේ යන සුනඛයෙකු ඇස ගැටීමෙන් පසුවයි.
අනතුරුව කරන ලද විමර්ශනයන්ගේ ප්‍රතිඵලයක් ලෙස අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනය සිදුකළ බව කියන නරේෂ් භෙන්ග්රා, ගෙවුණු වසර කිහිපයක කාලය තුළ කුන්ටි ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණියක් සමඟ සබඳතාක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
ඉන් කලකට පසුව ඔහු පෙම්වතියට කිසිවක් නොකියා ම නැවත ජාර්කන්ඩ් වෙත ගොස් ඇත්තේ, වෙනත් කාන්තාවක් සමඟ විවාහ වීමටයි.
එලෙස වෙනත් කාන්තාවක් විවාහ කරගත් ඔහු, නොවැම්බර් 8 වැනිදා පෙම්වතියව ජෝර්දාග් ගම්මානයේ පිහිටි සිය නිවස අසල වනාන්තරයකට ගෙන ගොස් ඇති බව සඳහන්.
අනතුරුව ඇයව බරපතල ලෙස දූෂණය කර, ගෙල මිරිකා, කපා කොටා ඝාතනය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
අපරාධය විමර්ශනය කළ පොලිස් පරීක්ෂක අශෝක් සිං, සිදුවීම විස්තර කරමින් ප්‍රකාශ කර තිබුණේ මස් කඩයක සේවය කළ භෙන්ග්රා සිය වෘත්තිය තුළ විශේෂඥයෙකු ලෙස ප්‍රකට බවයි.
ඒ අනුව තමාට එල්ල වන චෝදනා පිළිගනිමින් භෙන්ග්රා සියල්ල ම පාපොච්චාරණය කර තිබෙනවා.
එහිදී ඔහු පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ, වන සතුන්ගේ පරිභෝජනය උදෙසා යන චේතනාවෙන් පෙම්වතියගේ සිරුර කොටස් 40-50 කට වෙන් කළ බවත් පසුව තමන් බිරිඳ සමඟ ජීවත් වීම උදෙසා පිටත්ව ගිය බවයි.
පොලිස් පරීක්ෂක අශෝක් සිං, වැඩිදුරටත් විස්තර කරමින් සඳහන් කර ඇත්තේ ඝාතනයට ලක්වූ තරුණිය (පෙම්වතිය) භෙන්ග්රා විවාහ වී ඇති බවක් නොදැන ඔහුට ඇය සමඟ ජීවත් වීමට යළි කුන්ටි වෙත පැමිණෙන ලෙස බලපෑම් කර ඇති බවයි.
ඉන් කෝපයට පත්වූ භෙන්ග්රා මෙම අපාරධය සැලසුම් කර ඇති බව සඳහන්.
ඝාතනයට ලක්වූ තරුණිය, පෙම්වතා සමඟ තමන් ජීවත් වීමට යන බව මවටත් දැනුම් දී තිබෙනවා.
සිරුරු කොටස් සොයාගැනීමෙන් අනතුරුව තරුණියගේ බඩු බාහිරාදිය සහිත බෑගයක් ද කැලෑවේ තිබී හමුව ඇති අතර, මව සිය දියණියව හඳුනාගෙන ඇත්තේ එම බෑගයෙන් බවයි පොලිස් නිලධාරීන් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණේ.
එලෙස හඳුනාගත් මව, නරේෂ් භෙන්ග්රාව සැක බවට පොලිසිය හමුවේ කියා ඇති බව සඳහන්.
ඒ අනුවයි පොලිසිය විසින් භෙන්ග්රාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 25, පෙ.ව. 12:01
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
24-12-24
24-12-24
24-12-24
24-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24