2025 පෙබරවාරි 07, පෙ.ව. 10:09
රජයේ විගණකාධිපතිවරයා පසුගිය කාලය තුළ නිකුත් කර ඇති වාර්තා 2500කට අධික ප්‍රමාණයෙන් සියයට 95කට අදාළව නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ආයතන අපොහොසත් වී ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ප්‍රකාශ කර තිබේ.
එය රටේ පවතින දූෂණය හා නාස්තිය තහවුරු කිරීමට කරන දිරිගැන්වීමක් බවයි එම ව්‍යාපාරය නිවේදනය කර ඇත්තේ.
එබැවින් මේ පිළිබදව බලධාරීන්ගේ අවධානය නොපමාව යොමුකරන ලෙසද සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය කියා සිටී.
දූෂණය හා වංචා පිටු දැකීම කෙරෙහි පොදු සමාජය තුළ මෙන්ම දේශපාලන තලයේ ගැඹුරු සංවාදයක් පවතින අතර ඒ සදහා සිදු කෙරුණු බලපෑම් මත අල්ලස් හෝ දූෂණ පනත ද ඇතුළු බොහෝ නීති ප්‍රතිසංස්කරණයට ලක් වු බවත් රට මුහුණ දෙමින් සිටින අභියෝගයන් සැලකීමේදී එය ප්‍රමාණවත් නොවන බව වත්මන් රජයේ ස්ථාවරය වූ බවයි සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය කියා තිබුණේ.
එබැවින් මේ පිළිබද විශේෂ අවධානයක් යොමුකර විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කාර්ය වඩා උසස් මට්ටමක පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සපුරාලීමට රජය අවධානය යොමු කරවනු ඇති බවට අපේක්ෂා කරන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වී ඇත.
2025 පෙබරවාරි 07, ප.ව. 2:40
2025 පෙබරවාරි 07, ප.ව. 12:54
2025 පෙබරවාරි 07, ප.ව. 12:50
2025 පෙබරවාරි 07, පෙ.ව. 12:30
2025 පෙබරවාරි 07, පෙ.ව. 12:11
07-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25
06-02-25
06-02-25
06-02-25
06-02-25
06-02-25
06-02-25
06-02-25
06-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25
05-02-25