hit counter

2025 ඔක්‍තෝබර් මස 21 වන අඟහරුවාදා

2025 පෙබරවාරි 18, ප.ව. 3:59



අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂයේ මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කළේ මෙවර අයවැය යෝජානා අනුව විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොල ශිෂ්‍යාධාරය රුපියල් 3500ක් වැඩි කිරීම ප්‍රමාණවත් නොවන බවයි.

වැඩිම පිරිසක් ලෙසින් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා මහපාරේ වතුර සහ කඳුලු ගෑස් කෑවේ විශ්වවිද්‍යාල සිසුන් බැවින් ඔවුන්ට මීට වඩා සාධාරණයක් ඉටුවිය යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එම අවස්ථාවේදී තමා අසල අසුනේ වාඩිවී සිටි මව්බිම ජනතා පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පෙන්වමින් “මේ ඉන්නේ කැලනියේ එක්කෙනෙක්” යනුවෙන් පවසද්දී “මම කොළඹ” යනුවෙන් දිලිත් ජයවීර මහතා එය නිවැරදි කළේය.

එම අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පැවසූවේ “එයා කොළඹ.. නයා තමයි කැලනියේ” යනුවෙනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: