hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2025 පෙබරවාරි 20, පෙ.ව. 12:11



රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නාමය සහ තනතුර වංචනික ලෙස භාවිත කරමින් වට්ස්ඇප් පණිවිඩ හරහා විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

“ඩී.ජී.සී මිස්ටර් නෝනිස්” යන නමින් වූ වට්ස් ඇප් අංකයකින් විවිධ හේතු දක්වමින් පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගැනීමට ඉල්ලීම් සිදුකර ඇති බව සඳහන්ය.

ඒ අනුව මෙම වංචනික පුද්ගලයන්ගේ ක්‍රියා කලාපයන්ට හසු නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: