2025 මාර්තු 01, ප.ව. 3:33
ඉන්ධන පෝලිම්වල සිට වාහන සඳහා අමතර ඉන්ධන ලබාගැනීම මේ මොහොතේ තේරුමක් නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
මතුව ඇති ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් අද (01) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
එමෙන්ම තෙල් හිඟයක් නැති බවට පවසමින් ඔහු කියා සිටියේ, අද පස්වරුව වන විට මේ පිළිබඳව තක්සේරු කර ඉරිදා දිනයේදීත් ඇනවුම් භාරගැනීමට කටයුතු කරන බවයි.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා :
“ඔබතුමාලත් අපිත් දැක්කා ඊයේ දවසේ දී යම් යම් තැන්වල තෙල් පෝලිම් තිබුණා. ඒක පෙන්වාදීම ගැනත් ඔබතුමාලට ස්තූතියි. අපේ පැත්තෙනුත් ඒ ගැන ප්‍රකාශයක් කළා. සාමාන්‍යයෙන් ඔබතුමාලා දන්නවා හරි හෝ වැරදි යම් පණිවුඩයක් ගියාම යම් බෙදාහැරීමේ ජාලයක ප්‍රශ්නයක් තියනවා කියලා ජනතාව පැනික්ඛයින් වලට යනවා. ඒක තමයි ඊයේ සිද්ධ වුණේ මේ වන කොට ගරු කතානායකතුමනි තෙල් ලීටර් මිලියන 19ක් ඇනවුම් කරලා තියනවා. ඇත්තටම මේ බෙදුම්කරුවන් විසින් සාමාන්‍ය තත්වේට වඩා වැඩිපුර මේ ඇණවුම් කරලා තියෙන්නේ. සාමාන්‍ය දවසක උදේ හතෙන් පස්සේ ඇනවුම් භාර ගන්නේ නැහැ. ඊයේ ඇතිවෙච්ච් ප්‍රශ්නදී ජනතාව වැඩියෙන් තෙල් මිල දී ගැනීම නිසා මේ ඇතිවෙලා තියෙන ප්‍රශ්නෙට උත්තරයක් හැටියට අද දවස ඇතුළතත් මේ ඇනවුම් භාරගන්නවා. ඒ වගේම අද හවස් වෙනකොට මේ පිළිබඳව තක්සේරු කරලා ඉරිදාත් අපි ඇනවුම් භාරගන්න කටයුතු කරනවා. නමුත් තෙල් හිඟයක් නැති බව මේ වෙලාවේ කියන්න ඕන, ඒ නිසා පෝලිම්වල ඉඳලා තමන්ගේ වාහනේට වැඩිපුර අමතර තෙල් ටිකක් ගහගන්න එක තේරුමක් නැහැ. තෙල් තියනවා බෙදුම්කරුවන් තෙල් ඇනවුම් කරලා තියෙන්නේ ඒක බෙදාහරින්න CPC එක කටයුතු කරනවා ඒ නිසා කලබල වෙන්න එපා කියලා තමයි කියන්න කැමතියි.”
2025 මැයි 24, පෙ.ව. 12:12
2025 මැයි 24, පෙ.ව. 12:10
2025 මැයි 24, පෙ.ව. 12:04
2025 මැයි 24, පෙ.ව. 12:04
2025 මැයි 24, පෙ.ව. 12:02
24-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25
24-05-25
23-05-25
23-05-25
23-05-25
23-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
20-05-25
20-05-25