2025 මාර්තු 03, ප.ව. 3:44
පසුගිය මස 15 වැනිදා දිවයින පුරා විදුලිය හදිසියේ ඇනහිටියේ වඳුරෙක් නිසා බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ වගකීමකින් තොරව බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
බලශක්ති අමාත්‍යංශයේ කාරක සභා වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ඒ මොහොතේ අමාත්‍යවරයා සිටියේ හඳපාන්ගොඩ වෙළඉහළගෙදර තම මිතුරන් සමග බවත් කිසිදු වගකීමකින් තොරව අමාත්‍යවරයා කළ ප්‍රකාශය නිසා අපහසුතාවයට පත්වූයේ මුළු අමාත්‍ය මණ්ඩලය සහ රටේ ජනතාව බව ද කීවේය.
විදුලි බලය ඇනහිටීමට හේතුව ලෙස විදුලි බල මණ්ඩලය පෙබරවාරි 18 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ විදුලිය ඇනහිටියේ වඳුරෙක් නිසා නොව විදුලි පද්ධතියේ ඇතිවූ අසමතුළිතතාවය නිසා බව කීවේය.
ඉරිදාට විදුලිය පරිහරණය අඩු බවත් එදිනට ජාතික විදුලි බල පද්ධතියේ ඇතිවන අසමතුළිතතාවය නැති කිරීමට පියවර ගතයුතු බවත් ඒ සම්බන්ධව මාස 06ක් තිස්සේ සාකච්ඡා කළ බවද පැවසීය.
නමුත් ඒ සඳහා විදුලි බල මණ්ඩලය කිසිදු පියවරක් නොගත් බවද කීවේය.මෙහිදී විදුලි බල අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කීවේ එදින විදුලි බලය ඇනහිටීමට වඳුරෙක් බලපෑ බවත් විදුලි බල මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ එය සඳහන් කර නොමැති බවත්ය.
2025 මාර්තු 04, පෙ.ව. 12:24
2025 මාර්තු 04, පෙ.ව. 12:21
2025 මාර්තු 04, පෙ.ව. 12:20
2025 මාර්තු 04, පෙ.ව. 12:15
2025 මාර්තු 04, පෙ.ව. 12:13
21-11-24
21-11-24
17-01-24
17-01-24
28-08-23
28-08-23
21-08-23
21-08-23
29-07-23
29-07-23
19-02-23
19-02-23
30-01-23
30-01-23
24-01-23
24-01-23
22-01-23
22-01-23
07-01-23
07-01-23
24-11-22
24-11-22
23-11-22
23-11-22