2025 මාර්තු 03, ප.ව. 4:53
 
            
වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකුට ඉන්ධන බෙදා හැරීමේ සම්බන්ධකම් පවතින බවට අනාවරණය වී තිබේ.
ඒ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසින් අද බලශක්ති අමාත්‍යාංශයේ අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් පළ කළ අදහස් වලට අදාළව සිදු කරන ලද අනාවරණයකදී.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාට මිල්ලතේ ප්‍රදේශයේත්,
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලකට තල්ගස්වල ප්‍රදේශයේත්,
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්ට වවුනියාව සහ තලේ මන්නාරම ප්‍රදේශයේත්,
පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන්ට පොළොන්නරුවේත්,
සජබ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරට බිබිල මැදගම ප්‍රදේශයේත් එම ඉන්ධන බෙදුම්හල් පවතින බව සඳහන්.
අද පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කිරීම් ගණනාවක් සිදුකරමින් නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර චෝදනා කළේ, මේ මොහොතේ පවතින ඉන්ධන බෙදාහැරීමේ අර්බුදය පිටුපස විපක්ෂය සිටින බවයි.
“ඉන්ධන බෙදාහැරීමේ අර්බුදය ගැන විපක්ෂය සැලකිලිමත් වන්නේ ඇයි සහ ඉන්ධන බෙදාහරින්නන් කෙරෙහි අනුකම්පා කරන්නේ ඇයි කියා අපි කල්පනා කළා. විපක්ෂයේ දේශපාලනඥයන් ගණනාවක් රටේ ප්‍රධාන බෙදාහරින්නන් සමඟ සම්බන්ධ වී ඇති බව අපට පෙනීගියා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ සහෝදරිය, හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ සජබ මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, රංජිත් මද්දුම බණ්ඩාර සහ ගයන්ත කරුණාතිලක යන අයගේ සමීපතමයන් පිරවුම්හල් හිමි හයිටෙක් කාබන් පෞද්ගලික සමාගම සමඟ සම්බන්ධ වී ඇති බව අපට දැනගන්නට ලැබුණා,” නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
තවද, නියෝජ්‍ය අමාත්‍යවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන් කිහිපදෙනෙකු නීතිවිරෝධී ලෙස අතිකාල දීමනා ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා කළේය.
“වෘත්තීය සමිති නායකයින්ට රැකියාවෙන් නිදහස් වීමට අයිතියක් තියෙනවා. කෙසේවෙතත්, මෙහි සිදුවී ඇත්තේ මෙම නායකයින් නීතිවිරෝධී ලෙස අතිකාල දීමනා ලබාගැනීමයි. විජේගුණවර්ධන නම් වෘත්තීය සමිති නායකයෙකු අතිකාල පැය 13,120 ක් සඳහා රුපියල් මිලියන 8.5 ක් ලබාගෙන ඇති අතර, නිහාල් නම් නායකයකු අතිකාල පැය 2,192 ක් සඳහා රුපියල් 2,000,000 කට වඩා ලබාගෙන ඇති අතර, වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත අතිකාල පැය 6,581 ක් සඳහා රුපියල් මිලියන 3.1 ක් ලබාගෙන තිබෙනවා” යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25