hit counter

2025 මාර්තු මස 04 වන අඟහරුවාදා

2025 මාර්තු 04, පෙ.ව. 11:21



ඇමතිනී සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය විසින් යෙදුණු විදේශ සංචාරකින් පසු අතිරේක වියදම් සඳහා ලබාදුන් මුදල් වියදම් නොකර ආපසු සිය අමාත්‍යාංශය වෙත භාරදී ඇත.

ඇමරිකානු ඩොලර් 240 මුදලක් ඇය අමාත්‍යංශ මුදල් අයකැමි වෙත භාර දී ඇත.

ඊට අදාල කුවිතාන්සිය සිය සමාජ ජාලයේ ප්‍රසිද්ධ කර තිබේ.

ජිනීවාහි පැවති සමුළුවකට පසුගිය පෙබරවාරි 11 වනදා සිට 16 වෙනි දක්වා ඇය සහභාගි වී ඉතුරු කර ඇති මුදල ඇමරිකානු ඩොලර් 240 කි. එනම් රුපියල් 69,960ක් පමණ වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: