2025 මාර්තු 05, පෙ.ව. 11:42
කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත මහතා සම්බන්ධයෙන් “ඌ දැකලත් නෑ අපිව. අඳුරන්නෙත් නෑ. නිකන් අතගෑවම දන්නවා” යනුවෙන් සිදු කළ ප්‍රකාශය හේතුවෙන් ආබාධිත ප්‍රජාවගේ විරෝධයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ සමාව ඉල්ලා සිටියේය.
දයාසිරි ජයසේකර මහතා එම සමාව ඉල්ලීම “සිත් තැළුණු සියල්ලනි, මට සමාවන්න” යනුවෙන් සිය මුහුණුපොත් ගිණුම හරහා සිදු කළේය. කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සිදුකළ ප්‍රකාශය තුළින් සිත් රිදවීමක් සිදුවූයේ නම් තමන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලන බව ඔහු සඳහන් කර තිබේ.
ජයසේකර මහතා සිය සමාව ඉල්ලීමේ පණිවිඩයේ සඳහන් කළේ,
🔘 සිත් තැළුණු සියල්ලනි, මට සමාවන්න.
සියලු ශ්‍රී ලාංකිකයෝ භුක්ති විඳිමින් සිටින බොහෝ රාජ්‍ය හා රාජ්‍ය නොවන සේවාවන් සහ වරප්‍රසාදවලටද වගකියන්නෝ වෙති.
සැපයක් යැයි 76 වසරකට වෛර කරන්නෝ ඒ සියල්ලටම වෛර කරන්නෝ වෙති.
නිදහස් සෞඛ්‍ය, ආබාධ තිබුණත් ඉහළටම යන්න බාධාවක් නොවන නිදහස් අධ්‍යාපනය, ඉඳහිට බාධා ඇතිවුණත් මේ මට්ටමින් හෝ පවතින විදුලිය, ජලය, ප්‍රවාහනය සහ යටිතල පහසුකම් සහ තවත් සර්ව සම්පූර්ණ නොවුන බොහෝ පහසුකම් සහ ජයග්‍රහණ අවතක්සේරු කිරීමේ බොරුව විශ්වාස කළ හැක්කේ කෙසේද ?
76 වසරක් තිස්සේ බිඳෙන් බිඳ පියවරෙන් පියවර පුරවැසියන්ගේ කැපකිරීම් මතින්ම ගොඩ නගාගත් සම්පත් සහ සේවාවන් භුක්තිවිඳිමින් ඒ දේවල්වලටම වෛර කිරීම පුරවැසියන්ගේ සංස්කෘතිය විය යුතුද ?
ඔබේ දරුවන් ලොකුමහත් විය යුත්තේ අද පාරට බැස්සම සමාජයේ ඇති වෛරී පරිසරයේද ?
ප්‍රහාරය අශිෂ්ට නම් ප්‍රතිප්‍රහාරය ශිෂ්ට විය යුතු නැති බව වැඩිහිටි ලාංකිකයින් දරු මුණුපුරු ලාංකිකයින්ට දෙන ගුණයහපත්කමද ?
නැත.
දේශපාලකයින්ගේ වැරදි නීතිය හමුවට ගෙන ආ යුතුය.
නීතියෙන් වැරදි නම් දඬුවම්ද ලැබිය යුතුය.
ඒත් ඔවුන්ට මට්ටු කිරීමට රටක සමාජ ආකල්පය පාවිච්චි නොකළ යුතුය.
බාල මහලු දුප්පත් පෝසත් උගත් නූගත් ආබාධිත ආබාධ නැති සියල්ලන්වම, දේශපාලන ජයග්‍රහණ සහ බලය අත්පත්කර ගැනීම වෙනුවෙන් නිර්මාණය කළ සමාජ වෛර ප්‍රචාරණ ව්‍යාපෘතියේ කොටස්කරුවන් කරගැනීම තිබුණු තැනටත් වඩා පහත් තැනකට සමාජය ඇද දැමීමකි.
මා ඒ කතාවෙන් පැහැදිලි කිරීමට උත්සහ කළේ ඒ කාරණාවයි.
එහෙත් ඒ වැදගත්ම දේ යටපත් කරමින් මතු වූ සිත්රිදවීම ගැන මා කණගාටු වෙමි.
ආබාධත ප්‍රජාව වෙනුවෙන් මගේ සිතේ ඇති සහකම්පනය සහ මා ඔවුන් වෙනුවෙන් කළ කී දෑ ගැන මා මෙහි නොකියමි.
ස්තූතියි.
2025 මාර්තු 06, ප.ව. 1:07
2025 මාර්තු 06, පෙ.ව. 11:08
2025 මාර්තු 06, පෙ.ව. 10:53
2025 මාර්තු 06, පෙ.ව. 12:26
2025 මාර්තු 06, පෙ.ව. 12:13
03-03-25
03-03-25
03-03-25
03-03-25
01-03-25
01-03-25
28-02-25
28-02-25
28-02-25
28-02-25
28-02-25
28-02-25
27-02-25
27-02-25
26-02-25
26-02-25
24-02-25
24-02-25
24-02-25
24-02-25
22-02-25
22-02-25
21-02-25
21-02-25