2025 මාර්තු 06, පෙ.ව. 12:07
 
            
සේවක අර්ථ සාධක අරමුදලෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේදී පනවා ඇති කොන්දේසි ලිහිල් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අයවැය තෙවන වර කියවීමේ කාරක සභා විවාදයට ඊයේ එක්වෙමින්.
මේ හරහා වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව උදා වන බව පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ සේවක අර්ථ සාධක අරමුදලින් සියයට 30ක ප්‍රතිලාභ ලබා ගැනීමේදී ඇතැම් අවස්ථාවල කූට ලේඛන ඉදිරිපත් කිරීමට ඇතැමුන් පෙළඹී ඇති බවයි.
ඊට අමතරව ප්‍රතිලාභ අතරමැදියන්ගේ මැදිහත්වීම නිරීක්ෂණය වී ඇති බවද කියා සිටි ඔහු එම සියලු කරුණු සැළකිල්ලට ගෙන ප්‍රතිලාභ ලබාගැනීමට පවතින කොන්දේසි ලිහිල් කිරීමට අපේක්ෂා කරන බව ද අවධාරණය කළා.
“කම්කරු අමාත්‍යංශය යටතේ ආයතන හයක් පවතිනවා. ඉන් ප්‍රමුඛ ආයතනයක් තමා කම්කරු දෙපාර්තමේන්තුව. මෙවර අයවැයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට පෙරට වඩා රුපියල් මිලියන 598ක් වෙන්කර තිබෙනවා. ඊට අමතරව කම්කරු නීති සහ කම්කරු සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 128ක්. තවත් මිලියන 163ක් කම්කරුවන්ගේ සුරක්ෂාව, සෞඛ්‍ය සහ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබෙනවා.
එපමණක් නොවේ, සේවක අර්ථ සාධක අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 1640ක් මෙන්ම මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවට මිලියන 622ක් වශයෙන් මෙවර අයවැයෙන් වෙන්කර තිබෙනවා. මෙතෙක් අක්‍රිය වෙලා තිබුණු පඩි පාලක සභා (44) අපි යලි ස්‍රකිය කර අදාළ පත්කිරීම් සිදු කර තිබෙනවා. වසර ගණනාවක් කැඳවා නොතිබුණු කම්කරු උපදේශක සභාවත් අපි කැඳවලා ඉදිරි ක්‍රියාමර්ග සැලසුම් කළා.”
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25