hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2025 මාර්තු 07, පෙ.ව. 12:21



ඉදිරියේදී පෞද්ගලික බස්රථ සඳහා මාර්ග බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ එම බස් රථවල සී.සී.ටීවි කැමරා පද්ධති සවිකර ඇතිනම් පමණක් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති බී.ඩී.විතාරණ පැවැසීය.

හෙතෙම මේ බව පවසා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමෙන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මේ වන විට මාර්ග බලපත්‍ර ලබාගැනීමේදී බස් හිමියන් අනගමනය කළ යුතු කොන්දේසි මාලාවක් පවතින බවත් මෙයට ආරක්ෂිත කැමරා සවිකිරීම ඇතුළත් කර නොමැති වුවත් එය හැකි ඉක්මණින් කොන්දේසි මාලාවට ඇතුළත් කිරීමට කටයුතු කරන බව හෙතෙම කියා සිටියේය.

මේ හරහා පෞද්ගලික බස්රථ තුළදී සිදුවන කාන්තා හිංසනය අවම කරගැනීමට මෙන්ම බස් රථයේ සහ බස් රථයේ ගමන්ගන්නා මගීන් සියලුදෙනාගේ ආරක්ෂා සම්බන්ධයෙන් කටයුතු කිරීමට හැකියාව හිමිවන බව සභාපතිවරයා කියා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: