hit counter

2025 මාර්තු මස 15 වන සෙනසුරාදා

2025 මාර්තු 15, පෙ.ව. 12:29



මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදුජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පසුගිය දිනවල නිහඬව සිටියත් නාමල් රාජපක්ෂ සමඟ ගමින් ගමට යමින් ක්‍රියාකාරී දේශපාලනයේ නියැලුණු බවයි.

මේ රටේ මීළඟ නායකයා නාමල් රාජපක්ෂ බව තමා විශ්වාස කරන බවත්, මහින්ද රාජපක්ෂ කඳවුරේ මීළඟ නායකයා ලෙස නාමල් රාජපක්ෂ සමඟ ඉදිරියේදී ගමනක් යාමට අපේක්ෂා කරන බවත් තිස්ස කුට්ටිආරච්චි කියා සිටියේය.

2015 වසරේ මහින්ද රාජපක්ෂගේ පරාජයත් සමඟ මෙරට පසුපසට ඇදුණු බවත් ඊට හේතු වූයේ ඔවුන්ට හොරු යැයි චෝදනා කරමින් බොරු ලේබල් ඇලවීම බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

“ජනතාව සියල්ල එකතු වෙලා මේ ආණ්ඩුව පළවා හරින්න කලින්, ඉල්ලා අස්වෙලා නැවත වතාවක් ආණ්ඩුව පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී කණ්ඩායම්වලට දෙන්න, මේ රට කිරීමේ පළපුරුදුම කණ්ඩායම ඒක. අපි සූදානම් මේ රටේ අනාගතය වෙනුවෙන් නායකත්වය දෙන්න…නීතිය ක්‍රියාත්මක කරන්න, දේශපාලන දඩයම නතර කරන්න.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: