hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2025 ජූනි 14, පෙ.ව. 12:06



අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයක් සඳහා සහභාගි වූ වීමේදී ආරක්ෂක වැඩපිළිවෙල සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් තිබේ.

ඇය එම අවස්ථාවට සහභාගී වීමත් සමඟ අග්‍රාමාත්‍ය ආරක්ෂකයින් විශාල පිරිසක් යොදවා රාජකීය විද්‍යාලයේ ඒ ආරක්ෂාව තර කර ඇති බව හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ අගමැතිනියගේ පැමිණීම වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලය අසල මාර්ග කිහිපයක් ද වසා තබා තිබූ බවයි.

මීට පෙර ජනාධිපතිවරුන්, අගමැතිවරුන් රැුසක් කොළඹ රාජකීය විද්‍යාලයට පැමිණ ඇතත් මෙතරම් ආරක්ෂාවක් කිසිම අවස්ථාවක රාජකීය විද්‍යාලය ඇතුළත පරිශ්‍රයේ යොදවා නැති බවද ඔහු චෝදනා කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: