hit counter

2025 ජූනි මස 24 වන අඟහරුවාදා

2025 ජූනි 24, පෙ.ව. 12:04



කලාපයේ පවතින නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වීසා කාලය මාස 3කින් දීර්ඝ කිරීමට ඊශ්‍රායලයේ පීබා ආයතනය හෙවත් එරට ආගමන විගමන ආයතනය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයන්ගේ 2025.06.12 දිනට පසු අවසන් වන B/1 වීසා කාණ්ඩයට අයත් සාමාන්‍ය රැකියා වීසා ඇතුළු තවත් වීසා කාණ්ඩ කිහිපයක් 2025.09.30 දින දක්වා දීර්ඝ කර තිබේ.

මේ වන විට 20,000ක පමණ ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් පිරිසක් ඊශ්‍රායල් රාජ්‍යයේ සේවයේ නිරතව සිටින අතර, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තරයෙන් අවධානයෙන් සිටින බව කාර්යාංශය කියා සිටියි.

ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් තීව්‍ර වුවහොත් ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් යළි මෙරටට ගෙන්වා ගැනීමට ද රජය සූදානමින් සිටින අතර, දැනටමත් ශ්‍රී ලංකාවට යාමට ඉල්ලුම් කර ඇති ශ්‍රමිකයන් වෙනත් රාජ්‍යයන් හරහා හෝ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: