hit counter

2025 ජූනි මස 24 වන අඟහරුවාදා

2025 ජූනි 24, පෙ.ව. 10:27



මැදපෙරදිග කළාපයේ බොහොමයක් රටවල සිය ගුවන් කළාපය ( Aero Space ) 06/24 දින අලුයම 01.00 පමණ සිට යළි  විවෘත කර ඇති බැවින් , එම කළාපය ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළ  වෙත පැමිණෙන ගුවන් යානා පැය එකහමාරක පමණ ප්‍රමාදයකින් යුතුව පැමිණෙන බව කටුනායක ගුවන් යානා මෙහෙයුම් කමිටුවේ සභාපති රෝෂනී මාසකෝරාළ මහත්මිය 06/24 දින උදෑසන 09.00 ට පැවසුවාය.

එසේම තවදුරටත් කටාර් රාජ්‍යයේ ගුවන් කළාපය වසා දමා තිබුණ ද , ඉතා සීමිත පරිදි සිය ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කර ඇති බව ද පැවසුවාය.

එසේම 06/24 දින උදෑසන වනවිට මැදපෙරදිග කළාපයේ රටවල් වෙත හරවා යවා තිබූ  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා සියල්ලම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බව ද රෝෂනී මාසකෝරාළ මහත්මිය පැවසුවාය.

කටාර් රාජ්‍යයේ දෝහා සිට 06/23 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් යානය මෙතෙක් පැමිණ නැති අතර , කටුනායක ගුවන් තොටුපොළෙන් දෝහා වෙත පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ද , නිශ්කාශන කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බව ද පැවසුවාය.

මැදපෙරදිග බලා 06/24 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වීමට නියමිත ගුවන් යානා වල නිශ්කාශන කටයුතු 06/24 දින පස්වරු 02.30 සිට ආරම්භ කරන අතර අනෙකුත් ගුවන් ගමන් , ප්‍රමාද වීමකින් යුතුව ක්‍රියාත්මක වෙමින් පවතින බව ද රෝෂනී මාසකෝරාළ මහත්මිය පැවසුවාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: