hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2025 ජූලි 04, පෙ.ව. 12:31



දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය ළමුන් හදිසි අනතුරුවලට ලක්වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව කියා සිටියාය.

මෙහිදී ඇය පෙන්වා දෙන්නේ නොදැනුවත්කම හා අත්හදාබැලීම් හේතුවෙන් ළමුන් අනතුරුවලට ලක්වන බවය.

මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය ජාතික අනතුරු නිවාරණ සතිය වෙනුවෙන් සෞඛ්‍ ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පල කළාය.

“දකුණු ආසියාතික රටක් විදියට ඉතාම ඉහළ මට්ටමක පවතිනවා. හැබැයි ඒ වගේම අවාසනාවකට වගේ අපේ රටේ දත්ත බැලුවහම හදිසි අනතුරු නිසා දරුවන්ට වෙන හානිය එන්න එන්නම වැඩිවෙනවා. කුඩා ළමයින්ව අපි අවුරුදු 16ක් වෙනකල් බලාගන්නවා. ඒකෙන් වයස් කාණ්ඩ දෙකක් ගොඩක් වෙලාවට හදිසි අනතුරුවලට ලක්වෙනවා. එකක් තමා අවුරුදු 2 සහ 3 අතර නොදැනුවත්ව කරන අත්හදා බැලීම් නිසා වෙන හදිසි අනතුරු. ඊළඟට නව යෞවුන් වියට යන අවුරුදු 12 – 14 ළමුන් කරන අත්හදා බැලීම් නිසා වෙන අනතුරු. අනතුරු විවිධාකාරයි. වැටීම් සහ සීරිම් සහ පිළිස්සීම් තමා මේ අතර බහුලව දරුවන්ට සිදුවන අනතුරු.”

එසේම අනතුරු වළක්වා ගැනීම සඳහා දරුවන් දැනුවත් කිරීම ඉතා වැදගත් බව මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය සඳහන් කළාය. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: